ගරු කෘෂිකර්ම අමාත්ය කේ.ඩි. ලාල් කාන්ත මැතිතුමාගේ සහ ගරු නියෝජ්ය අමාත්ය熈 නාමල් කරුණාරත්න මැතිතුමාගේ ප්රකධානත්වයෙන් 2024.12.19 වන දින කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ (AAIB) විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සිදු කරන ලදී.
එහිදී ආයතනයේ වර්තමාන ක්රිේයාකාරිත්වය සහ අනාගත සැලසුම් පිළිබඳව සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවැත්වූ අතර, විශේෂයෙන්ම පහත කරුණු කෙරෙහි අවධානය යොමු කෙරිණි:
1. ගොවි විශ්රාාම වැටුප් යෝජනා ක්ර මය නව තාක්ෂණික ක්රරමවේද ඔස්සේ වඩාත් කාර්යක්ෂම කිරීම සහ හිඟ විශ්රාැම වැටුප් ගෙවීම් කඩිනමින් නිරවුල් කිරීම.
2. වගා හානි වන්දි ගෙවීමේ ක්රිටයාවලිය සරල කර, ඩිජිටල්කරණය ඔස්සේ ගොවි මහත්ම මහත්මීන්ට වඩාත් පහසු සේවාවක් ලබා දීම.
3. ගොවි රක්ෂණ ක්රේමය ශක්තිමත් කිරීම සඳහා නව රක්ෂණ යෝජනා ක්ර ම හඳුන්වා දීම සහ දැනට ක්රි යාත්මක වන රක්ෂණ ක්රකම වඩාත් පුළුල් කිරීම.
4. කාලගුණික විපර්යාස හමුවේ ගොවි ජනතාව මුහුණ දෙන අභියෝග සඳහා විශේෂ රක්ෂණ ආවරණ සැලසුම් කිරීම.
5. ගොවි ජනතාවගේ වගා හානි වන්දි මුදල් ගෙවීම් කඩිනමින් සිදුකිරීම.
මෙම සාකච්ඡාවේදී ගරු අමාත්යාතුමන් විසින් ගොවි ජනතාවගේ සුභසාධනය උදෙසා කඩිනමින් ක්රිදයාත්මක කළ යුතු නව වැඩපිළිවෙල පිළිබඳව නිලධාරීන්ට අවශ්යම උපදෙස් ලබා දෙන ලදී.