ගොවි දනහට, පුර්ණ රාජ්‍ය රැකවරණය
අනෙකුත් ගොවිපල සතුන් සඳහා
වී, බඩ ඉරිඟු, අර්තාපල්, ලොකු ළූණු,
මිරිස් හා සෝයා සඳහා සියලුම අවදානම්
ආවරණය කරමින් අක්කරයකට
රු. 100,000/- ක රක්ෂණාවරණයක්
පූර්ණ රාජ්‍ය අනුග්‍රහය හා රැකවරණය යටතේ අඩුම වාරිකයකට
-ප්‍රාදේශීය ලේකම්, -ගොවිජන සේවා මධ්‍යස්ථාන, -බාහිර නියෝජිතයින් මගින් ලබා ගත හැක.
සමාජ සුභ සාධනය
සිදුවීම්
2023.01 නියෝජිත ජාලය සදහා නව නියෝජිතයන් බදවා ගැනීම
කෘෂි රක්ෂණ හා විශ්‍රාම වැටුප් අලෙවි කටයුතු පුළුල් කිරීමේ අරමුණින් නියෝජිත ජාලය සදහා නව නියෝජිතයන් බදවා ගැනීමේ කටයුතු පසුගිය මාසය තුළ සිදු කෙරිණි. ඒ අනුව දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් නියෝජිතයන් බදවා ගැනීම් හා අරම්භක පුහුණු සැසි පැවැත්වීම සිදු කෙරිණි.
2023.04. ජාතික පැළ සිටුවීමේ මහෝත්සවය “රටටම හුස්ම දෙන නැකත”
කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ මුලිකත්වයෙන්, ජාතික පැළ සිටුවීමේ මහෝත්සවය “රටටම හුස්ම දෙන නැකත” යන තේමාව යටතේ පසුගිය 2023/04/20 දින දිවයින පුරා දිස්ත්‍රික්කයන්හි සිදුකෙරිණි. එහි ජාතික වැඩසටහන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති, අධ්යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කළුතර දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. ඩබ්. එම්. [...]