මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ආශ්‍රිත ලවන බාධකය හේතුවෙන් සිදු වූ වගා හානි වෙනුවෙන්, වන්දි ගෙවීම

මාතර දිස්ත්රික්කයේ නිල්වලා ගඟ ආශ්රිත ලවන බාධකය හේතුවෙන් සිදු වූ වගා හානි වෙනුවෙන්, වන්දි ගෙවීමේ වැඩසටහනේ හය වන අදියර කර්මාන්ත හා ව්යසායකත්ව සංවර්ධන අමාත්ය ගරු සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාගේ ප්රධානත්වයෙන් හා පාර්ලිමේන්තු මන්ත්රී (ගරු) මහාචාර්ය එල්. එස්. අබේවික්රම මැතිතුමාගේ හා තිහගොඩ ප්රාදේශීය සභාවේ සභාපති සුදත් ජයසේකර මැතිතුමාගේ. සහභාගිත්ව යෙන් 2026.06.21වන දින මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී පවත්වන ලදී.
එහිදී අගතියට පත් ගොවීන් 788 ක් වෙනුවෙන් රුපියල් මිලියන 143.09 ක මුදලක් වන්දි වශයෙන් ගොවි මහත්ම මහත්මීන්ට ප්රදානය කිරීම සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා රාජ්ය නිලධාරීන් සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ මාතර දිස්ත්රික් අධ්යක්ෂ, රුමිල තිලංක ලොකු හෙට්ටි
මහතා ඇතුළු කෘෂිරක්ෂණ
මණ්ඩලයේ මාතර දිස්ත්රික් කාර්යාලයේ නිලධාරීන්, මෙන්ම ගොවි මහතුන් විශාල පිරිසක් ද සහභාගි විය.

Share

Add Your Comments

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *