කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ගොවි හා ධීවර ප්රජාවන් වෙත හඳුන්වාදී ඇති රක්ෂණ සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්රම මෙන්ම මණ්ඩලීය ක්රියාකාරකම් ඇතුළු කෘෂිකාර්මික පුවත් සම්බන්ධයෙන් දැනුවත් කිරීම උදෙසා අර්ධ වාර්ෂිකව නිකුත් කරනු ලබන “කෘෂි රක්ෂණ පුවත්” හි පළමු වන පිටපත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්ය ගරු කේ. ඩී. ලාල් කාන්ත මැතිතුමා වෙත අද දින (2026.06.23), කෘෂිකර්ම අමාත්යංශයේ, අමාත්ය කාර්යාලයේදී කෘෂි රක්ෂණ මණ්ඩලයේ, සභාපති, පේමසිරි ජාසිංආරච්චි මහතා විසින් පිළිගන්වන ලදී.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් කැලුම් කලුආරච්චි, අධ්යක්ෂ (මෙහෙයුම්) චන්දන කොඩිප්පිලි, සහකාර අධ්යක්ෂ (සැලසුම්) අයේෂා සමරකෝන්, දෘඩාංග හා ජාල කරන ශිල්පී, ඉඳුනිල් ජයසූරිය සහ පද්ධති පරිපාලක ධම්මික රණසිංහ යන නිලධාරි මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී විය.
“කෘෂි රක්ෂණ ය පුවත්” මාස හයකට වතාවක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර දේශීය කෘෂිකාර්මිකයන් හා ධීවර කාර්මිකයින් කෘෂි රක්ෂණ හා සමාජ ආරක්ෂණ යෝජනා ක්රම සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙහි මූලික අරමුණ වේ